Sunday, May 19, 2024

General line - 0115112241

සිගමන් යදින දරුවන් බේරා ගන්න රාජ්‍ය ඇමති වගකිව යුත්තන්ගේ සහය පතයි




ඇතැම් පුද්ගලයින් දරුවන්ද රැගෙන සිගමන් යැදීම මේ වන විට බහුල වශයෙන් මහාමාර්ගවල දක්නට ලැබෙනවා. මෙවැනි කුඩා දරුවන් සමග සිගමන් යදින පුද්ගලයින්ට එරෙහිව වගකිවයුත්තන් වහා පියවර ගත යුතු බවයි ඇතැමුන් පවසන්නේ. 

කුඩා දරුවන් මෙම තත්වයෙන් මුදා ගැනීමට රජයේ අවධානය යොමු වී ඇත්දැයි නෙත් නිවුස් කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්වයන් පිළිබද අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවයි.

සිගමන් යැදීමට දරුවන් යොදා ගැනීම වැළැක්වීම සඳහා ඊට අදාල සියලු ආයතනවල සහය අත්‍යාවශ්‍ය බවයි කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මෙහිදී ප්‍රකාශ කළේ.