Sunday, May 19, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් ගෙන එන "කොන්දේසි විරහිත ආදරය" පෙබරවාරි මස 18 වෙනිදා




ලොව පුරා බොහෝ දෙනෙකු ආදරය පිළිබඳ කතාකරන වැලන්ටයින් දිනය අදට යෙදී තිබෙනවා. ආදරය යනු කුමක්ද? මේ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ඒ පිළිබඳ අදහස් දැක්වූ ප්‍රවීණ ලේඛක සුජිත් අක්කරවත්ත.

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මෙරට ජනතාවට මෙවර ද නවමු අත්දැකීමක් ලබාදීමට නෙත් එෆ් රේඩියෝව සැලසුම් කර තිබෙනවා. කොන්දේසි විරහිත ආදරය ලෙස නම් කර ඇති එම වැඩසටහන ලබන 18 වනදා පැවැත්වෙන්නේ කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීයි. 

එදින සවස හතේ සිට ඈන්ට්ස් කණ්ඩායම විසින් සංගීතයෙන් රසවත් කරන එම සන්ධ්‍යාව ගීතයෙන් හැඩ කරනු ලබන්නේ කීර්ති පැස්කුවෙල්, සංඛ දිනෙත් සහ සමිතා මුදුන්කොටුවයි.     

පුරා විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝම දේව සහ ප්‍රවීන ආචාර්ය තිස්ස ජනනායක ආදරය සැබෑ අරුත පිළිබඳ එහිදී පැහැදිලි කරනවා. ප්‍රවේශපත් මයි ටිකට්ස් ඩොට් එල් කේ වෙබ් අඩවියෙන් හෝ බම්බලපිටිය නෙත් එෆ් එම් කාර්යාලය  011 2 50 70 80 දුරකථනය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකියි.