Saturday, May 18, 2024

General line - 0115112241

සහරාන්ගේ බිරිදගෙන් CIDයට පැය 5 ක ප්‍රකාශයක්




පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂිම්ගේ බිරිද වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය 05 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා. 

ඇය මේ වනවිට රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ  කාන්තා අංශයේයි. එම කාන්තා අංශයට ගොස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇයගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.