Saturday, May 18, 2024

General line - 0115112241

ඉන්ධන සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්




දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී තිබෙනවා. ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවට පුවරුද ප්‍රදර්ශනය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි පැතිර යන රාවයත් සමග ඊයේ දිනයේ මෙන්ම අද දිනයේත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම් දක්නට ලැබුණා. එම රාවයන් හේතුවෙන් ඇතැම් පිරිවුම්හල්ද තොග සඟවා ඉන්ධන නොමැති බවටද පුවරු ප්‍රදර්ශනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කළමණාකරුවන්ට උපදෙස් ලබාදුන් බව බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත සදහන් කළා.

මේ වනවිට අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බැවින් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කර ගැනීමෙන් වළකින ලෙසයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියා ජනතාවට දැනුම් දෙන්නේ. 

ඩීසල් සහ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 37,000ක් බැගින් වූ නෞකා දෙකක් ලබන 18 වනදා සහ 19 වනදා මෙරටට ළගාවීමට නියමිතව තිබෙනවා. 

මේ අතර විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදත් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. මේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර.

සමගි ජනබලවේගයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.