Saturday, May 18, 2024

General line - 0115112241

විජය කුමාරතුංගයන්ගේ 34වන ගුණ සමරුව අදයි




ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම කෘතහස්ථ දේශපාලනඥයෙකු වූ විජය කුමාරතුංග මහතාගේ 34 වන ගුණ සැමරුව සීදුවේ පිහිටි විජය සමාධිය අසලදී අද පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවට දේශපාලනඥයින් මෙන්ම කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ගුණ සැමරුමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගෙන් මෙලෙස විමසීමක් කළා.

හිටපු අමාත්‍යවරයෙකු වූ ජීවන් කුමාරතුංගද මෙහිදී අදහස් පළ කළා.