Sunday, May 19, 2024

General line - 0115112241

බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පිරිසට ඇති අවදානමක් ගැන අනාවරණයක්




ඔමික්‍රෝන් ප්‍රභේදයේ සංකූලතා පෙන්වන නිදන්ගත සහ වෙනත් රෝගීන් මෙන්ම බූස්ටර් මාත්‍රාව මෙතෙක් ලබා නොගත් ආසාදිතයින් කඩිනමින් වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

පවුල් වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පැවසුවේ බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් දරුණු සංකූලතාවලින් ජීවිත අවදානමකට වුවද ලක්විය හැකි බවයි.   

මෙරට පුද්ගලයන් එක්කෝටි හැට අට ලක්ෂ 36, 546 දෙනෙකු මේ වනවිට පළමු මාත්‍රාව ලබාගෙන තිබෙනවා. ඉන් පුද්ගලයින් එක්කෝටි හතළිස් ලක්ෂ 63, 861 දෙනෙකු දෙවෙනි මාත්‍රවද ලබාගෙන ඇති බවයි වසංගත රොග විද්‍යා අංශය සදහන් කළේ. 

එහෙත් බූස්ටර් මාත්‍රාව මේ වනවිට ලබාගෙන ඇත්තේ පුද්ගලයින් හැටහතර ලක්ෂ 62, 786 දෙනෙකු පමණයි. අද දිනයේද දිවයිනේ ප්‍රදේශ රැසකදී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකයි.