Sunday, May 19, 2024

General line - 0115112241

වෙනත් පාර්ශවයකට ඉදිරි මැතිවරණය ජයගන්න සැලසුම් හදන පිරිසක් ගැන ඇමති සී.බී හෙළි කරයි




රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කරමින් වෙනත් පාර්ශවයක් ඉදිරි මැතිවරණයෙන් ජයග්‍රහණය කරවීමට වෘත්තීය සමිති කිහිපයක් උත්සාහයක නිරත වී සිටින බව අමාත්‍ය සී.බී රත්නායක පවසනවා. 

ඒ අතර පෙරමුණ ගෙන සිටින්නේ සෞඛ්‍ය හා ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කිහිපයක් බවයි අමාත්‍යවරයා සදහන් කළේ. 

ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණ නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ සංවිධානය කළ රැස්වීමක් අමතමින් අමාත්‍ය සී.බී රත්නායන මෙම අදහස් පල කළා. 

එම රැස්වීමට එක් වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ සිය රජය ඉදිරි වසර තුන ඇතුළත ලොව ආර්ථික වශයෙන් දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන බවයි.