Sunday, May 19, 2024

General line - 0115112241

විදෙස් රැකියාවකට යන්න එක්ලක්ෂ 60, 000කට අවස්ථාව




විදෙස් රැකියා එක්ලක්ෂ 60, 000ක් සදහා සුදුසු පුද්ගලයින් තෝරා ගැනීම ලබන 27ත් වනදා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. 

එහි අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පැවසූවේ ආනමඩුව ප්‍රදේශයෙන් ආරම්භ කරන මෙම වැඩසටහනේදී සුදුසුකම් සහිත පුද්ගලයින් එම අවස්ථාවේදීම තෝරා ගන්නා බවයි. 

එහිදී හදුනාගැනෙන සුදුසුකම් නොමැති පුද්ගලයින් සුදුසු පාඨමාලා සඳහා යොමුකිරීමට පියවර ගන්නා බවයි ඔහු සදහන් කළේ.  

මැදපෙරදිග ඇතුළු රටවල්වලින් ලැබී ඇති රැකියා පිළිබඳවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය අදහස් පළ කළා.