Sunday, May 19, 2024

General line - 0115112241

ජනාධිපති කාර්යාලයේ වෙනස්කම් රැසක් 




ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදුකරමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. 

ඒ, ජනාධිපති ලේකම් ධූරයට ගාමිණී සෙනරත් පත්වීමත් සමගයි. 

ඒ අනුව ජනාධිපති අරමුදල, මහජන සබඳතා ඒකකය ඇතුළු ජනතාවට සෘජුව සේවා සපයන ඒකකයන්හි තනතුරු සඳහා මේ වනවිටත් නව නිලධාරීන් පත්කර තිබෙනවා. 

එලෙස සිදුකළ පරිපාලනමය වෙනස්කම් පිළිබඳ පුද්ගල නාමයන් යොදාගනිමින් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය හරහා සාවද්‍ය ප්‍රචාර ගෙනයන බවත් ඒවායෙහි කිසිදු සත්‍යතාවයක් නොමැතිබවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් පවසනවා.