Sunday, May 19, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියෙකුගේ දකුණු අත සපාකෑ යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට




හිරිපිටියාව මහජන ක්‍රීඩාංගනයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුරදී ගල්නෑව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ දකුණු අත සපාකා තුවාල සිදුකළ යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 ඒ එම පොලිස් නිළධාරියා ක්‍රීඩාංගනයෙන් පිටත දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමතයකට පත් කිරීමට ගිය අවස්ථාවේදියි. එහිදී තුවාල ලැබූ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා ගල්නෑව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

 අත්අඩංගුවට ගැනුණු යුද්ධ හමුදා සෙබළා ද පොලිස් ආරක්ෂාව යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 සැකකරු යුද්ධ හමුදාවේ අරලගංවිල කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවයේ නියුතු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.