Sunday, May 19, 2024

General line - 0115112241

පූර්ණ තරඟාවලි පරාජයක අවමානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැලවෙයි




ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගත්තේ කඩුලු 05කින්.

ශක්තිමත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 69ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඔහුට අනෙගි සහයක් ලබාදුන් දසුන් ශානක ලකුණු 35ක් රැස් කළා.