Sunday, May 19, 2024

General line - 0115112241

දින 150කින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව දිවයිනෙන් ඉවතට




ගිනි ගැනීමට ලක්ව මුහුදු බත් වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව දින 150ක් ඇතුළත ඉවත්කර ගැනීමට එම නෞකාවේ අයිතිකාර සමාගම පැවසූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. 

එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර පැවසුවේ එම නෞකාව ඉවත් කිරීමේ කටයුතු අදියර දෙකක් යටතේ සමාගම් දෙකක් සිදුකරමින් ඇති බවයි. 

එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය වෙරළ ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් ගොඩගසන බවත් ඒවා ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරන බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළා.