Sunday, May 19, 2024

General line - 0115112241

භාණ්ඩ සුලභ කර මිල පාලනය කිරීමට රජය සූදානම්




භාණ්ඩ සුලභ කර මිල පාලනය කිරීමට රජය සූදානම් බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. 

ඇතැම් ව්‍යාපාරිකයින් භාණ්ඩ හිගයක් මවාපාමින් ඒවා වැඩි මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒවා පාලනය කිරීමට වැටලීම් සිදුකරන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළා.  

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව ප්‍රකාශ කළේ තලවකැලේ මැදකුඹුර වතුයායේ කම්කරු පවුල් සඳහා රුපියල් 80 බැඟින් මසකට තිරිඟු පිටි කිලෝ 15ක් ලබා දීමේ උත්සවයට එක්වෙමින්.