Sunday, May 19, 2024

General line - 0115112241

නොසිතූ ලෙස කොරෝනා රෝගීන්ගේ ඉහළ යාමක් - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි 




නොසිතූ ලෙස කොරෝනා රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ මාස එකහමාරක් වැනි කාලයක් තුළ එකම පුද්ගලයාට අවස්ථා කිහිපයකදීම කොරෝනා වෛරසය ආසාදනය වීම දක්නට ලැබෙන බවයි.  

එවන් පසුබිමක් තුළ සියළු ජනතාව සෞඛ්‍ය උපදෙස් දැඩිව පිලිපැදිය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.