Sunday, May 19, 2024

General line - 0115112241

විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්සෙන් භාවිතා කරන්නැයි චක්‍රලේඛයක්




විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්සෙන් භාවිත කිරීමට පියවර ගන්නැයි උපදෙස් ලබාදෙමින් රාජ්‍ය ආයතන වෙත හෙට දිනයේ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. 

ඒ අනුව එම චක්‍රලේඛය හෙට දිනයේ සියලු රජයේ ආයතනවලට නිකුත් කරන බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි නෙත් නිවුස් කළ විමසීකදී සඳහන් කළේ. 

මේ අතර අද දිනයේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 370 ක් අහිමිවී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ, ඉන්ධන නොමැතිව සපුගස්කන්ද හා යුගදනවි බලාගාර අක්‍රීය වීම හේතුවෙන්. 

කෙසේවෙතත් අද රාත්‍රියේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසම පස්වරුවේ ප්‍රකාශ කළා. 

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ එසේ වුවද විදුලිය අරපිරිමැස්මෙන් යුතු ව භාවිත කිරිමට ජනතාව කටයුතු කළ යුතු බවයි.