Friday, May 3, 2024

General line - 0115112241

පුටින් යුක්රේනයෙන් නතර වෙයිද ? පෝලන්ත දේශසීමාව ආසන්නයේ යුද සුදානමක් ගැන අමෙරිකාවෙන් අනාවරණයක්




යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් නොනවතිනු ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මත පළකර සිටිනවා.

ඔහු සඳහන් කලේ රුසියානු හමුදාවන් මේ වන විට පෝලන්ත දේශසීමාවට ආසන්නයේ සිය බර අවි ස්ථානගත කරමින් සිටින බවට දැක්වෙන චන්ද්‍රිකා ජායාරූප ලැබී ඇති බවයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ පෝලන්ත දේශසීමාවට සැතපුම් 10ක් දුරින් වන බෙලරුස් හි පිහිටි Brest නගරයේ දැවැන්ත රුසියානු ආධාරක භට කණ්ඩායමක් මේ වන විට එක්ව සිටින බවයි.

" රුසියානු ජනාධිපතිවරයා යම් හෙයකින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව නොනවතිනවා වෙන්නට පුළුවන්.

යුක්රේන ආක්‍රමණයෙන් පසු අසල්වැසි රාජ්‍යයන් වන පෝලන්තය, ස්ලෝවැකියාව, හංගේරියාව හෝ රුමේනියාව දක්වා සටන් කරවානම් එය නේටෝ සංවිධානයට අයත් රටක් ආක්‍රමණය කිරීමක් ලෙසයි සැලකෙන්නේ. 

එසේ වුවහොත් එය අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, කැනඩාව ඇතුළු අනෙක් නේටෝ සංවිධානයට අයත් රටවලට බලපෑම් එල්ල කරනු ලබනවා.

එසේ වුවහොත් නේටෝ ව්‍යවස්ථාවේ 05 වන වගන්තිය ප්‍රකාරව දැඩි තීරණයකට එළඹීමට සිදුවෙනු ඇත" යැයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ABC නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වූ අතර එහිදී ඔහු නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේ.

මේ වන විටත් කාලතුවක්කු ඇතුළු බර අවි සහ යුද උපකරණ සහිත වාහන 50කට අධික සංඛ්‍යාවක් බෙලරුස් හි Brest නගරයේ ස්ථාන ගත කොට ඇති අතර දුම්රිය හරහා තවත් යුධෝපකරණ රැගෙන එමින් සිටින බවයි Foreign Policy Magazine හි ආරක්ෂක වාර්තාකරු වන Jack Detsch සඳහන් කර සිටියේ.