Friday, May 3, 2024

General line - 0115112241

රුසියානුවන්ට මරබිය ගෙන දුන් යුක්රේන විරුවන්ගේ කතාව : කියෙව් අහසේ සැරිසරන "අවතාරය" කවුද ? (PHOTOS)




රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය ආරම්භ කොට මේ වන විට පැය 48කට ආසන්න කාලයක් ගතවී අවසන්. මෙතක් පැවති යුද්ධයෙන් මේ වන විට දෙපාර්ශවයටම බරපතල හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙතෙක් ඇතිවූ ගැටුම් හේතුවෙන් රුසියානු හමුදා භටයින් 2,800ක්, යුද ටැංකි 80ක්, සන්නද්ධ රථ 516ක්, ප්‍රහාරක ජෙට් යානා 10ක් සහ හෙලිකොප්ටර් යානා 7ක් මේ දක්වා විනාශ කිරීමට සමත්ව ඇති බවයි යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

ඒ වුවත් රුසියාව විසින් තමන්ට සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

මේ අතර ඊයේ දිනයේදී ඇතිවූ ගැටුම් හේතුවෙන් යුක්රේන හමුදා භටයින් 137ක් මියගිය බවට එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටියා. ඒ වුවද, ඉන් පසුව මෙතෙක් සිදුවූ හානි සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් යුක්රේන පාර්ශවයෙන් සිදුකර නැහැ.

මේ අතර Crimea සිට ඉදිරියට ඇදෙන රුසියානු භට පිරිස් සහ ඔවුන්ගේ සන්නද්ධ රථවලට යුක්රේන දේශසීමාව පසුකර යෑමට ඉඩ ඇහිරීම සඳහා සිය ජීවිතය පුජා කළ යුක්රේන රණවිරුවෙකු ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

Vitaly Shakun නම් වූ මෙම විරෝධාර සොල්දාදුවා සහ ඔහුගේ භට පිරිස යුක්රේනයේ Kherson හි ස්ථානගතවී සිට ඇති අතර ඔවුන් විසින් එහිදී රුසියානු භට පිරිස් සිය දේශසීමාව ඇතුල්වීම වැළැක්වීම සඳහා වූ Henichesk පාලම පුපුරුවා හැරීමට තීරණය කර තිබෙනවා.

ඒ සිය හමුදාවන්ට රුසියානු ආක්‍රමණයට මුහුණ දීමට සඳහා සුදානම් වීමට ඉඩ ලබාදීම සඳහායි.

ඒ අනුව Vitaly Shakun විසින් පාලමේ පුපුරණ ද්‍රව්‍ය අසුරා එය පුපුරුවා හැරීමට පෙර සිය භට පිරිස් ඉවත්වන ලෙස දැනුම් දීමෙන් ඔහු ඔහු එම පාලම ද පුපුරුවා ගනිමින් ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

සිය ජිවිත පරිත්‍යාග කරමින් Vitaly Shakun සිදුකළ ඒ අභීත ක්‍රියාව ගැන යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සිය උපහාරය පුදකර සිටියා.

මේ අතර රුසියානු ප්‍රහාරක ජෙට් යානා 06කට පහරදී විනාශ කල යුක්රේන මීග් -29 ප්‍රහාරක යානා ගුවන් නියමුවෙකු ගැන එරට සමාජ මාධ්‍යය තුල දැඩි කතා බහකට ලක්ව තිබෙනවා.

යුක්රේනයේ අගනුවර වන Kyiv හි ඉහළ අහසේ සැරිසරණ ලද මෙම මීග් -29 ප්‍රහාරක ජෙට් යානයට සහ නම හෙළි නොකළ ගුවන් නියමුවාට “Ghost of Kyiv” යනුවෙන් අනවර්ථ නාමයක් ද පට බැඳ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ. 

කෙසේ වුවත් මෙම ගුවන් නියමුවා විසින් රුසියානු ප්‍රහාරක ජෙට් යානා 07ක් බිම හෙළූ බවට නිල වාර්තා නොමැත.

ඒ වුවද යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සඳහන් කර සිටියේ රුසියානු ජෙට් යානා 10ක් සිය හමුදා බිම හෙළුන ලද බවයි.