Thursday, May 16, 2024

General line - 0115112241

කොවිඩ් මෘතදේහ භූමදාන නීති වෙනස් වෙයි




කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් වූ නීති රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු ඕනෑම සුසාන භූමියක භූමදාන කිරීමට අවසර ලබාදී ඇති බවයි. 

ඒ අනුව තම ප්‍රදේශයට ආසන්න පොදු සුසාන භූමියක කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදාන කිරීමට අවසර හිමිවනවා. 

මේ අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අද නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. නිවෙස් නිරෝධායනය ද මේවනවිට අතිසාර්ථක වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

මේ අතර ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 583 දෙනෙකු හඳුනා ගැනුණා. පෙරේදා සිදුවූ කොවිඩ් මරණ 20 ක්ද ඊයේ තහවුරු කළා.