Friday, May 3, 2024

General line - 0115112241

රුසියාවට බියෙන් මෝල්ඩෝවා රාජ්‍යයත් යුරෝපා සංගමයෙන් සාමාජිකත්වය ඉල්ලයි




මෝල්ඩෝවා රාජ්‍ය යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලා තිබෙනවා. විචාරකයන් පවසන්නේ රුසියාව කොයි මොහොතකදී හෝ සිය රට ආක්‍රමණය කරනු ඇති බවට මෝල්ඩෝවා රාජ්‍ය බියෙන් පසුවන බවයි. මෝල්ඩෝවා රාජ්‍ය යනු යුක්‍රේනයේ අසල්වැසි රටක්.

එරට පවතින යුද ගැටුම් හේතුවෙන් දෙලක්‍ෂ 30,000 ක් පමණ පිරිසක් දේශසීමාව හරහා මොල්ඩෝවා රාජ්‍යට ඇතුළු වී තිබෙනවා. ඉන් එක් ලක්‍ෂ 20,000 ක් පමණ මෝල්ඩෝවා රාජ්‍ය තුල රැදී සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. මෝල්ඩෝවා රාජ්‍ය යනු දිලිදු කුඩා රටක් බැවින් යුක්‍රේන සරණාගතයින්ගේ පැමිණීමත් සමග මෝල්ඩෝවා රාජ්‍ය අර්බුද රැසකට මුහුන පා සිටිනවා.

මේ අතර රුසියානු හමුදාව විසින් වටකර ඇති යුක්‍රේනයේ මරිපෝල් නගරය තුල තවදුරටත් දරුණු ගැටුම් ක්‍රියාත්මකයි. රුසියානු හමුදාව නගරයට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ. කෙසේවෙතත් අපහසුතා මධ්‍යයේ වුවද තවමත් මරිපෝල් නගරයේ බලය අල්ලා ගෙන සිටින බව යුක්රේන හමුදාව පැවසුවා. 

පවතින මානුෂිය අර්බුද හේතුවෙන් රුසියානු ප්‍රහාර මධ්‍යයේ වුවද නගරයෙන් පලා යාමට මරිපෝල් නගරයේ වැසියන් උත්සහ කරමින් සිටින බවයි වාර්තා වන්නේ. එලෙස පලා යමින් සිටින පුද්ගලයින් රුසියානු ගුවන් ප්‍රහාරවලට ලක්වන බවත් එම ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන්ගේ සිරුරු නගරයේ වීථි පුරා වැටී තිබෙන ආකාරයත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. එලෙස මියගොස් සිටින පිරිස අතර කාන්තාවන් හා ගැහැනු දරුවන් ද වනවා.

පවතින තත්ත්වය හමුවේ වහා මැදිහත් වීමක් සිදුකර රුසියාවෙන් මරිපෝල් නගරයට එල්ල වන ගුවන් ප්‍රහාර නවතා දෙන ලෙසයි යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ. 

රුසියාව විසින් යුක්‍රේනය තුල හමුදා මෙහෙයුමක් ආරම්භ කිරීමෙන් අනතුරුව ගෙවී යන 12 වන දිනය අදයි