Friday, May 3, 2024

General line - 0115112241

ලෝක වෙළඳපළේ ඉන්ධන මිළ වාර්තාගත ලෙස ඉහළට




ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ගණන් යලිත් වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍යයය බ්‍රෙන්ට් වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල අද වාර්තා වුණේ අමෙරිකානු ඩොලර් 130 ක් ලෙසයි. 2008 වසරින් පසුව ලෝක වෙලදපලේ බොරතෙල් බැරලයක ඉහලම අගය වාර්තා වූ අවස්ථාව ලෙසයි එය සැලකෙන්නේ. 

යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුදමය වාතාවරණය මෙලෙස බොරතෙල් මිල ඉහල යාමට ඍජුවම බලපා තිබෙනවා. රුසියාව විසින් යුක්‍රේනය තුල හමුදා මෙහෙයුම ආරම්භ කිරීමෙන් අනතුරුව ලෝක වෙලදපලේ බොරතෙල් බැරලයක මිල වාර්තා ගත ලෙස ඉහල ගිය තුන්වන අවස්ථාව ද මෙයයි.

මේ අතර රුසියාවෙන් සිදු කරන ඉන්ධන ආනයනය තහනම් කිරීම කෙරෙහි අමෙරිකාවේ අවධානය යොමුව තිබෙනවා. ඒ හමුවේ ඉදිරියේදී ලෝක වෙලදපලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහල යනු ඇති බවයි ආර්ථික විශේෂඥයින් පවසන්නේ.