Friday, May 3, 2024

General line - 0115112241

යුක්රේනයට එරෙහිව සිරියානු සටන්කාමින් යුද බිමට




යුක්රේනය තුල ක්‍රියාත්මක හමුදා මෙහෙයුම සදහා රුසියාව විසින් සිරියානු සටන්කාමීන් යොදා ගෙන ඇතැයි වාර්තා වනවා. කෙසේවෙතත් රුසියාවේ මැදිහත් වීම මත එලෙස යුක්රේනයට පැමිණ සිටින්නේ සිරියානු හමුදා සාමාජිකයින් ද යන්න වාර්තා වන්නේ නැහැ. 

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් යනු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉතා සමීපව මිත්‍ර සබඳතා පවත්වාගෙන යන ජනාධිපතිවරයෙක්. වසර 11 ක් පුරා ක්‍රියාත්මක සිරියානු යුද්ධයේදී බෂාර් අල් අසාද්ගේ පාලනය බිද වැටීම වළක්වමින් ඔහුට මේ දක්වා සිරියාවේ රාජ්‍ය පාලනය ගෙන යාමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහය ලබා දෙන බවයි ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ. 

සිරියානු යුද්ධයේදී බටහිර රටවල සහය හිමිවූ කැරලිකාර පාර්ශවවලට එරෙහිව සටන් කිරීම සදහා ද සිරියාවට යුදමය සහය ලබා දුන් රටවල් අතර රුසියාව පෙරමුණේ පසුවනවා. එබැවින් යුක්‍රේන ආක්‍රමණයේදී සිරියාව ද, රුසියාවට සහය පල කරන බවට පලවන වාර්තා සාවද්‍ය නොවනු ඇති බවයි ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ.

මේ අතර යුක්රේනයට මායිම් වන රුසියානු හා බෙලරුසියානු නගරවල සංචාරය කිරීමෙන් වළකින්නැයි දකුණු කොරියාව සිය පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා. ඒ, යුක්රේනය තුල මේවනවිට පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින්.

පවතින තත්ත්වය අනුව රුසියාවේ සංචාරය නොකර්න්නැයි ජපානය ද සිය පුරවැසියන්ට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.