Thursday, May 2, 2024

General line - 0115112241

ඌරු හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා මිය යයි




සැත්කමක් මගින් ලොව පළමු වරට ඌරකුගේ හදවතක් බද්ධ කර සිටි මිනිසා මියගොස් තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ අමෙරිකානු ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් නමැත්තායි. 

මිට මාස 02 කට පෙර ඔහුට එලෙස ඌරකුගේ හදවතක් බද්ධ කළ අතර එම සැත්කමෙන් පසු ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළා. කෙසේවෙතත් මීට දින කිහිපයකට පෙර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී තිබෙනවා. 

කෙසේවෙතත් බද්ධ කළ හදවත ඔහුගේ සිරුර මගින් ප්‍රතික්ෂේප කළේද නැද්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. අදාළ සැත්කම අවදානම් බව ඩේවිඩ් බෙනට් විසින් දැන සිට තිබෙනවා. ඔහු එම ශල්‍යකර්මය පිළිබඳ පවසා තිබුණේ අඳුරේ සිට වෙඩි තැබීමක් බවයි.

බරපතල හෘදයාබාධයකින් පීඩා විඳි ඩේවිඩ් බෙනට්ගේ දිවි බේරා ගැනීම සඳහා මිනිස් හදවතක් බද්ධ කිරීම නුසුදුසු වූ බැවින් එලෙස ඌරෙකුගේ හදවතක් බද්ධ කිරීමටයි වෛද්‍යවරුන් කටයුතු කළේ. එහෙත් එම ශල්‍ය කර්මයට පෙර ඔහුට බද්ධ කළ ඌරු හදවත රසායනාගාරයක් තුළදී ජානමය වෙනස්කම් රැසකට භාජනය කර තිබුණා.