Friday, September 20, 2024

General line - 0115112241

අඩුවට විකුණන බව කියන Datsun Redi-Go රථය මෙන්න ලංකාවට ගෙනල්ලා



ඉන්දියානු නිෂ්පාදනයක් ලෙස ලංකාවට හඳුන්වා දෙන හැච්බැක් මාදිලියේ මෝටර් රථයක් වන Datsun Redi-Go මෝටර් රථය පිළිබඳව මේ වන විට විශාල කතාබහක් ඇතිවී තිබෙනවා.

ඒ එම රථයේ මිල ගණන් ඉතා අඩුවෙන් සඳහන් කරමින් ඇතැමුන් කටකතා පැතිරවීම නිසයි.

එම රථය ඉන්දියානු රුපියල් ලක්ෂ 2.38 ක් වන බවත් ලංකාවට පැමිණෙන විට ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 12 ක් පමණ වනු ඇති බවත් මෙරට මාධ්‍ය මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණ ද nethgossip.lk ඊයේ (12)හෙළිදරව් කළේ එම රථයක් මෙරට දී රුපියල් ලක්ෂ 21ක් පමණ වන බවයි.

නිසාන් සමාගම විසින් නිපදවන මෙම රථය ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ ආරංචි මාර්ග පවසන්නේ එම මෝටර් රථය මේ වන විට ලංකාවට ගෙන්වා ඇති බවයි.

Redi-Go මෝටර් රථ තුනක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති අතර ඒවා තවත් සති තුනක් පමණ වන විට ලාංකිකයන්ට හඳුන්වා දීමයි අරමුණ වී ඇත්තේ.

(පෙර පුවත් – අලුත් ඉන්දියන් වාහනය ලක්ෂ 12ට දෙන කතාව බොරු – මෙන්න ඇත්තම ගාණ)

06-5 datsun-go-front