Wednesday, May 8, 2024

General line - 0115112241

බුස්ස බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය ගැන පැහැදිලි කිරීමක්




බූස්ස බන්ධනාගාරයේ ඉකුත්දා ඇතිවූ බව කියන නොසන්සුන් සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදුකළා. මේ, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ මෙම සිද්ධිය හේතුවෙන් රැදවියන්ගේ ආරක්ෂාවට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවයි.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පහර දීමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වූ බවට අනාවරණ වුවහොත් ඔවුන්ට එරෙහිව කටයුතු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.