Thursday, May 9, 2024

General line - 0115112241

අද සිට බස් ගාස්තු සියයට 15 කින් ඉහළ යයි




අද සිට ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව වන රුපියල් 17 රුපියල් 20ක් දක්වා ඉහළ යනු ඇති. සෙසු ගාස්තු වැඩි වන්නේ සියයට 15 කින්. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ මෙතෙක් උපරිම බස් ගාස්තුව වූ රුපියල් 1,303, රුපියල් 1,498 ක් දක්වා ඉහළ යන බවයි. 

බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

මෙලෙස බස් ගාස්තු වැඩි කිරීමට ප්‍රධාන හේතුව වූයේ ඉකුත්දා සිදුකළ ඉන්ධන මිල වැඩි කිරීමයි. එහිදී ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ දැමුණේ රුපියල් 55 කින්.