Thursday, May 9, 2024

General line - 0115112241

කුළුබඩු අපනයන ආදායම වාර්තාගත ලෙස ඉහළට




කුළුබඩු අපනයනයෙන් මෑත ඉතිහාසය තුළ ලබාගත් ඉහළම ආදායම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා. ඒ අනුව 2021 වර්ෂය තුළ පමණක් අත්කරගෙන ඇති ආදායම රුපියල් මිලියන එක් ලක්ෂ 3,000 ක්. එය ඉකුත් වසරට සාපේක්ෂව සියයට 41 ක වර්ධනයක්.

මෙහිදී වැඩිම ආදායමක් ලැබී ඇත්තේ කුරුඳු අපනයනයෙන්. එහිදී කුරුඳු මෙට්්‍රක් ටොන් 18,814 ක් අපනයනය කර ඇති අතර උපයා ඇති ආදායම රුපියල් මිලියන 45,879 ක්. එය ඉකුත් වසරට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයක් වන අතර සමස්ථ කුළුබඩු අපනයන ආදායමෙන් සියයට 45 ක් වනවා. කුරුඳු වැඩි වශයෙන් අපනයනය කර ඇත්තේ අමෙරිකාව, මෙක්සිකෝව සහ පීරු වැනි රටවලටයි.

මෙරට කුරුඳු සම්බන්ධයෙන් මෙලෙස ජාත්‍යන්තරයේ වැඩි ඉල්ලුමක් ලැබුණේ කෙසේද ? මේ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනක ලින්දර.

ගම්මිරිස් අපනයනයෙන් 2021 වර්ෂයේ උපයාගෙන ඇති සමස්ථ ආදායම රුපියල් මිලියන 22,669 ක්. එය ඉකුත් වසරට සාපෙක්ෂව සියයට 148 යි දශම 3 ක වර්ධනයක් වනවා. ඒ සඳහා ගම්මිරිස් මෙට්්‍රක් ටොන් 17,959 ක් අපනයනය කර ඇති අතර එය ඉකුත් වසරට සාපේක්ෂව සියයට 98 යි දශම 7 ක වර්ධනයක්.

කොවිඩ් වසංගත තත්ත්වය මධ්‍යයේ විවිධ ක්ෂේත්‍ර බිඳවැටෙද්දී අපනයන ආදායම මෙසේ වැඩි වූයේ කෙසේද ? 

මෙරට කුළුබඩු සඳහා අගය එකතු කිරීම මෙලෙස ජාත්‍යන්තර වෙළඳපොල ජය ගැනීමට හේතු වූ බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනක ලින්දර පැවසුවේ. 2021 වසරේදී ශ්‍රී ලංකාව අපනයනය කර ඇති සමස්ථ කුළුබඩු ප්‍රමාණය මෙට්්‍රක් ටොන් 62,981 ක්.