Thursday, May 16, 2024

General line - 0115112241

තලේබාන් සංවිධානය ගුවන් හමුදාවක් හදයි




ඇෆ්ගනිස්තානයේ පාලනය අත්කර ගෙන සිටින තලේබාන් සංවිධානය එරට ගුවන් හමුදාව යළි ගොඩනැංවීම සදහා කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, මේ වන විට පළාගොස් සැගව සිටින පැරණි ඇෆ්ගන් ආණ්ඩුවේ ගුවන් හමුදාවේ සේවය කළ නියමුවන් ඇතුළු සියලු තරාතිරාමේ සාමාජිකයන්ට යළි සේවයට වාර්තා කරන ලෙස විශේෂ ඉල්ලීමක් ද කර ඇති බව සදහන්.

ඊට ප්‍රතිචාර දක්වමින් නියමුවන් 33 දෙනෙකු සහ තවත් ගුවන් හමුදා සාමාජිකයන් 4300 ක් පමණ යළි සේවයට වාර්තා කර ඇති බව එරට වාර්තා පවසනවා. 

කෙසේවෙතත්, ඇතැම් නියමුවන් යළි සේවයට වාර්තා කිරීම මගහැර සැගව සිටින්නේ තලේබාන් සංවිධානය විසින් සමාව දෙන බව ප්‍රකාශ කළත් ඔවුන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කළ තමන්ව පළි ගැනීමක් ලෙස මරා දමනු ඇතැයි යන බියෙන් බව සදහන්. 

මීට පෙර තලේබාන් සංවිධානය විසින් සමාව ලබාදෙන බවට කර තිබූ ප්‍රකාශයන් මත විශ්වාසය තබා භාරවූ ඇෆ්ගන් ජාතික හමුදාවේ  හිටපු සාමාජිකයන් සියයකට වැඩි පිරිසක් මරා දැමීම ඔවුන්ගේ මෙම බිය තීව්ර කිරීමට සමත් වී ඇති බව එරට වාර්තා වැඩිදුරටත් පවසනවා.