Thursday, May 16, 2024

General line - 0115112241

පොල්තෙල් මිලත් ඉහළ යන ලකුණු




පොල්තෙල් මිලද ඉහළ නැංවිය යුතු තත්ත්වයක් උද්ගතව ඇතැයි පොල්තෙල් නිෂ්පාදකයින් පවසනවා. ඒ, ඉන්ධන මිල ඉහළයාම සහ පොල්තෙල් නිෂ්පාදනයට ප්‍රමාණවත් පොල් නොමැතිවීම හේතුවෙන්. ඒ අනුව මිල ඉහළ දමනවාද? නැතහොත් කර්මාන්තයට සහනයක් ලබාදෙනවාද? යන්න සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතයි.

සමස්ථ ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බුද්ධික ද සිල්වා පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පොල්තෙල් කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් පොල්තෙල් ප්‍රවාහනය කිරීම සඳහා දැරීමට සිදුවන වියදම් ද වැඩිවී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

තම ඉල්ලීම්වලට විසඳුමක් ලැබුණහොත් පොල්තෙල් මිල ඉහළ නොදමන බවත්, එසේ නොවුණහොත් පොල්තෙල් මිල වැඩි කිරීමට අවධානය යොමු කරන බවත් සමස්ථ ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බුද්ධික ද සිල්වා වැඩිදුරටත් පැවසුවා.