Thursday, May 16, 2024

General line - 0115112241

දේශීය පළතුරු මිලත් ඉහළ යන ලකුණු




ඉදිරි අලුත් අවුරුදු සමයේදී දේශීය පළතුරු මිලද ඉහළ යාමේ අවදානමක් ඇතැයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය අනතුරු අඟවනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ එළවළු පරිභෝජනය ද මෙම සමයේ ඉහළ යාම හේතුවෙන් එළවළු මිලද ඉහළ යා හැකි බවයි.

වී මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී සහල් මිල ඉහළ යාමේ අවදානමක් ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වාගෙන් විමසීමක් කළා. 

මේ අතර කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම පළතුරු ඇතුළු ආහාර 9ක බදු තව දුරටත් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය ඊයේ තීරණය කළා. ඒ අතරට මිදි, ඇපල්, දොඩම් සහ සෙසු ආනයනික පළතුරු ද වනවා.