Thursday, May 16, 2024

General line - 0115112241

කඩිනමින් බුස්ටර් එන්නත ලබා ගන්න - සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි




මේ වන විට රට තුළ ඇති ෆයිසර් එන්නත් මාත්‍රා තොගය ලබන ජූලි මාසයේදී කල් ඉකුත්වීමට නියමිත බැවින් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ ජනතාවගේ පැමිණීමේ අඩුවක් තිබුණ ද එන්නත්වල කල් ඉකුත්වීමේ දිනය වෙනස් කළ නොහැකි බවයි.

මෙම එන්නතෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

බූස්ටර් මාත්‍රාව ලබාගැනීමට ජනතාව තුළ පැවති උනන්දුව අඩු නම් අවශ්‍ය අයට සිව්වන මාත්‍රාවක් ලබාදීමට සූදානම් නොවන්නේ මන්දැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් නෙත් නිවුස් ප්‍රශ්ණ කළා.

ඊයේ දිනයේද බූස්ටර් මාත්‍රාව ලබාගෙන තිබුණේ පුද්ගලයින් 6,406 දෙනෙකු පමණයි.