Thursday, May 16, 2024

General line - 0115112241

යුක්‍රේන යුද්ධය ගැන නේටෝ සංවිධානයෙන් හදිසි තීරණයක්




නැගෙනහිර යුරෝපයේ සිය හමුදා ශක්තිය තවදුරටත් දැඩි කිරීමට නේටෝ සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති නේටෝ රාජ්‍ය නායකයින්ගේ විශේෂ හමුවේදීයි. නව තීරණයත් සමඟ හංගේරියාව, බල්ගේරියාව, රුමේනියාව සහ ස්ලෝවැකියාව යන රටවලට නව හමුදා බට කණ්ඩායම් 04 ක් යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ. 

නේටෝ සංවිධානය දැන් ශක්තිමත්ව සිටින බවත්, එය රුසියානු ජනාධිපතිවරයාගේ අපේක්ෂාවන් බිඳ දමනු ඇති බවත් විශේෂ හමුවෙන් පසු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා තිබෙනවා. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා ඇත්තේ රුසියාවට එරෙහි සටනේදී යුක්‍රේනය තනි නොකරන බවයි. ඒ අනුව යුක්‍රේනයට තවත් මිසයිල 6,000 ක් ලබාදීමටයි බි්‍රතාන්‍ය තීරණය කර ඇත්තේ.

රුසියාවේ, යුක්‍රේන ආක්‍රමණයට මාසයක කාලයක් ඉක්මවමින් යන පසුබිමක රුසියාවට අයත් විශාල යුධ නෞකාවක් විනාශවී තිබෙනවා. එය විනාශවී ඇත්තේ යුක්‍රේන වරායක නැංගුරම්ලා තිබියදී වීම විශේෂත්වයක්. යුක්‍රේනයේ සිටින රුසියානු හමුදාවන්ට අවශ්‍ය යුධ ආධාර මෙම නෞකාව මඟින් රැගෙනවිත් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.