Saturday, May 18, 2024

General line - 0115112241

එජාප සත්‍යග්‍රහය අරඹයි : නායකයින් ඇතුළු සියලු දෙනා එක තලයකට රැස්වෙයි (PHOTOS)




’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ යන්නෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ සත්‍යග්‍රහය එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ඇතුළු එජාප නායකයන් කොළඹ හයිඩ් පිටියට පැමිණීමෙන් අනතුරුව ආරම්භ කෙරුණා.

එක්සත් ජාතික පක්ෂ නායකයින් සහ මෙම සත්‍යග්‍රහයට එක්වූ මහජනතාව බිම වාඩිවී සාමකාමිව සිය සත්‍යග්‍රහය ආරම්භ කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

සියලු දෙනාම සම භූමියක හිඳින රටක් බිහිකිරීම සංකේතවත් කරමින් නායකයන් මෙන්ම ජනතාව සම බිමෙහි සිට සත්‍යග්‍රහය කරන බව එහිදී  නිවෙිදනය කෙරුණා.

ඩාර්ලි පාර, විහාර මහාදේවි උද්‍යානය, යුනියන් පෙදෙස හා බේබෲක් පෙදෙස සිට සුදු වතින් සැරසුනු සියලු ජාති ආගම්  නියෝජනය කරන ජනතාව නිශ්ෂබ්දව පාගමනින් හයිඩ් පිටිය වෙත පැමිණියා.