Saturday, May 18, 2024

General line - 0115112241

ආණ්ඩුවේ බහුතරය ගැන ගැටලුවක් ද? - රජයේ ඇමතිවරයෙකු ගෙන් පිළිතුරු




ආණ්ඩුවේ බහුතර බලය සම්බන්ධයෙන් මේ මොහොතේ ගැටළුවක් පැන නැගී නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදියී. 

සර්ව පාක්ෂික සමුළුවේ දී යෝජනා වූ සාධනීය කරුණු ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී සදහන් කළා.