Saturday, May 18, 2024

General line - 0115112241

ලබන සතියේ විදුලි කැපෙන වේලාව දීර්ඝ නොකරන බව මහජන උපයෝගීතා කොමිසම කියයි




ලබන සතියේදී විදුලිය කප්පාදු කෙරෙන වේලාව දීර්ඝ කිරීමේ සූදනාමක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ලබන සතියේ දී විදුලිය කප්පාදුව දිනකට පැය 10ක් දක්වා දීර්ඝ කරන බවට පල කර ඇති පුවත් අසත්‍ය බවයි.   

මේ අතර විදුලිය ජනනය සදහා බලාගාරවලට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.