Saturday, May 18, 2024

General line - 0115112241

IMF වාර්තාව ගැන මහ බැංකුවෙන් ප්‍රතිචාර




ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩලය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා රජය සමග පැවැත්වූ සාකච්ඡා සහ පැහැදිළි කිරීම් පදනම් කර ගනිමින් එම වාර්තාව සකස් කර ඇති බවයි. 

එම වාර්තාවේ සඳහන් කර ඇති ඇතැම් ප්‍රතිපත්තිමය කරුණු මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් දැනටමත් ක්‍රියාවට නංවා ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 

නම්‍යශීලී විදේශ විනිමය ප්‍රතිපත්තිය, මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම, විදේශ වෙළඳපල ගනුදෙනු සඳහා පනවා ඇති සීමා ඉවත් කිරීම, අපේක්ෂිත ආදායම් ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම එලෙස ගෙන ඇති පියවරයන් බව මහ බැංකුව පෙන්වා දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමහුදල සමග සමීපව සබඳතා පැවැත්වීමට රජය අදහස් කිරීමත් සමග එම ආයතනය සමග සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ද සූදානම් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.