Saturday, May 18, 2024

General line - 0115112241

බිම්ස්ටෙක් සමුළුවේ මහ ලේකම් කටුනායකට

ටීකේජී.කපිල




බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සදහා බෙංගාල බොක්ක ආශ්‍රිත රට වල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුවේ මහ ලේකම් ටෙන්සින් ලෙෆෙල් අද පස්වරුවේ මෙරටට පැමිණියා. ඒ, ලබන 28වනදා සිට 30වනදා දක්වා කොළඹදී පැවැත්වෙන පස්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සදහායි. 

මෙම සමුළුවට සහභාගී වීම සදහා ඔහු සමග බංග්ලාදේශයේ ඩකා නුවර සිට 10 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද කටුනායක ගුවන් 8තොටුපළින් අද පස්වරුවේ දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මෙම සමුළුවට සහභාගී වීම සදහා බංගලාදේශය, භූතානය, ඉන්දයාව, නේපාලය සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ විදේශ අමාත්‍යවරුන් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.  මියන්මාර විදේශ අමාත්‍යවරයා ඔන්ලයින් තාකෂණය ඔස්සේ සමුළුවට සහභාගී වීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.  

ලබන 28, 29 සහ 30 යන දින වල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත මෙම සමුළුවේ මුලසුන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හොබවනු ලබනවා. එම සමුළුවේදී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට අපේකෂා කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.