Saturday, May 18, 2024

General line - 0115112241

IOC ක්‍රියා පිළිවෙත ගැන බලශක්ති අමාත්‍යාංශය නීතිපති මතය විමසයි




ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් මිල යළි ඉහළ දැමීම සම්බන්ධයෙන් එම සමාගම රජය සමග එලඹ ඇති ගිවිසුම ප්‍රකාරව යම් ක්‍රියාමාර්ගයක් ගත හැකි දැයි සොයා බලන ලෙස නිළධාරීන්ට උපදෙස් ලබා දුන් බව බලශක්ති අමාත්‍ය ගාමීණී ලොකුගේ පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන මිල ගණන් සමව පවත්වා ගෙන යන ලෙස ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඛෂධක්‍ සමාගමෙන් මීට පෙර ඉල්ලීමක් කර ඇති බවයි.  

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් මිල ඉහළ දැමුවද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මිල වැඩි කිරීමක් සිදුනොකරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා. 

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියලුම පෙට්‍රල් වර්ගවල මිල ඉහළ දැමුවේ ලීටරයක් රුපියල් 49කින්. ඒ අනුව එම සමාගමට අයත් පිරවුම්හල් මගින් අලෙවි කෙරෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 332ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.