Saturday, May 18, 2024

General line - 0115112241

විදුලි බලාගාර කිහිපයකට ඉන්ධන නිකුත් කරයි




ඉන්ධන මගින් ක්‍රියාත්මක වන බලාගාර සදහා අවශ්‍ය ඩීසල් මෙටි්‍රක් ටොන් 5,800ක පමණ ප්‍රමාණයක් අද දිනයේ නිකුත් කළ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. 

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ කෙරවලපිටිය, කැළණිතිස්ස සහ සුජිට්ස් යන තාප බලාගාර සදහා එම ඉන්ධන තොගය නිකුත් කළ බවයි. දැවි තෙල් නොමැති වීම හේතුවෙන් ඉකුත් 24වනදා පෙරවරුවේ සිට කෙරවලපිටිය තාප විදුලි බලාගාරය අක්‍රීය පැවතුණා. එම බලාගාරය මගින් ජාතික පද්ධතියට මෙගා වොට් 270ක විදුලි ධාරිතාවක් එක් කෙරෙනවා.

මේ අතර බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තව දුරටත් පහළ බැස තිබෙනවා. මවුස්සාකැලේ ජලාශයේ වේල්ලේ උස අඩි 120ක් වන අතර මේ වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 54කින් පහල බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසුවේ. කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155ක් වනවා. එම ජලාශයේ ජල මට්ටම අඩි 49කින් පහල බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් වැඩිදුරටත් සදහන් කළේ. 

මේ අතර මවුස්සාකැලේ ජලාශයේ මතු වු කොවිලේ, ප්‍රදේශවාසින් වැසි ඉල්ලා පුජාවන් පවත්වන බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.