Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය ආදර්ශයක් දුන්නොත් ඇමතිකම අත්හරින බව නාමල් කියයි

ඉන්දික විතාන




අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආදර්ශයක් ලබා දෙන්නේ නම් තමන් දරණ අමාත්‍ය ධූරය අත් හැරීමට සූදානම් බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. 

අමාත්‍ය මණ්ඩලය අඩු කළ යුතු බවට සර්ව පාක්ෂික සමුළුවේ දී  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඔහු මෙම අදහස් පල කළේ හොරණ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදියි. 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට විවිධ පාර්ශවවලින් එල්ලවන චෝදනා සම්බන්ධයන්ද අමාත්‍ය නාමල් රාජපක්ෂ එහදී අදහස් පල කළා.