Tuesday, May 7, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපති හා යුක්‍රේන අමාත්‍යවරුන් අතර හමුවක්




අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පෝල්න්තයේදී යුක්‍රේන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමු වී තිබෙනවා. එලෙස හමුවුන අමාත්‍යවරුන් අතර යුක්‍රේනයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ආරක්ෂක ආමාතයවරයාද වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

රුසියාව විසින් යුක්‍රේනය තුල හමුදා මෙහෙයුමක් ආරම්භ කිරීමෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපතිවරයා යුක්‍රේනයේ ඉහල පෙලේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවූ පළමු අවස්ථාව මෙයයි. පෝලන්තයේදී සිදුවූ මෙම හමුවේ දී යුක්‍රේන රුසියානු අර්බුදය හා සරණාගතයින් පිලිබද මෙන්ම තවත් කරුනු ගනණාවක් පිලිබද සාකච්ඡා කෙරුනු බවයි වාර්තා වන්නේ. 

මේ අතර පවතින යුද ගැටුම් හමුවේ රුසියානු හමුදාවේ තවත් ජනරාල්වරයෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව යුක්‍රේන ආක්‍රමණයේදී මේ වනවිට රුසියානු හමුදාවේ ඉහළ පෙලේ නිලධාරීන් හත් දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ අතර පවතින යුද ගැටුම් වලට මැදිව සිටින යුක්‍රේන වැසියන්ට එම ස්ථානවලින් පිටවීම සදහා රුසියාව මානුෂීය කොරිඩෝ 10ක් විවෘත කර තිබෙනවා. ඒ අනුව මරිපෝල් වැසියන්ට ද නගරයෙන් පිටවීමට අවස්ථාව හිමිව ඇති බවයි වාර්තා වන්නේ. යුක්‍රේන අමාත්‍යවරුන් පෝලන්තයේදී අමෙරිකානු ජනාධිපතිවරයා හමුවීම සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.