Saturday, May 18, 2024

General line - 0115112241

විදුලි කප්පාදුව තවත් පැයකින් වැඩි කෙරේ




කලාප කිහිපයක් සඳහා අද දිනට නියමිතව තිබූ විදුලි කප්පාදුව පැයක කාලයකින් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව පී, කිව්, ආර්, එස්, ටී, යූ, වී, ඩබ්ලිව් යන කලාප සඳහා විදුලිය කප්පාදු කෙරෙන වේලාව එලෙස පැයකින් දීර්ඝ කිරීමටයි මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ. 

සති අන්තයේ විදුලි පරිභෝජනය අනපේක්ෂිතව ඉහළ යාම හේතුවෙන් අදාළ කලාපවලට එලෙස අමතර පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා. ඒ අනුව පී, කිව්, ආර්, එස්, ටී, යූ, වී, ඩබ්ලිව් යන කලාප සඳහා අද උදැසන 09 සිට පස්වරු 03 දක්වා කාලය තුළ පැය 02 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. 

මෙලෙස සතිඅන්තයේදී කලාප කිහිපයක විදුලි කප්පාදුව තවත් පැයක කාලයකින් වැඩි කරනු ලැබුවේ කෙරවලපිටිය, කැලණිතිස්ස සහ සොජිට්ස් යන විදුලි බලාගාර සඳහා ඉන්ධන මෙටි්‍රක් ටොන් 5800 ක තොගයක් බලශක්ති අමාත්‍යංශය විසින් ලබාදී ඇති පසුබිමක් තුළයි. 

මේ අතර සිදුකෙරෙන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. 

විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ද විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අදහස් පළ කළා.