Saturday, May 18, 2024

General line - 0115112241

IMF නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී රටේ ආර්ථිකයට බලපෑම් එල්ල විය හැකියි - ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි




ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩල වාර්තාවේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී රටේ ආර්ථිකයට බලපෑම් එල්ල විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ වාණිජ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු පවසනවා. 

මෙරට ආර්ථිකය මේවනවිට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයට බලපා ඇති හේතු සහ ඉන් මිදීමට ගත යුතු ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩල වාර්තාවේ දක්වා තිබෙනවා. එහෙත් නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය, රජයේ වියදම් සීමා කිරීම හා රජයේ ආදායම් වැඩිකිරීම සඳහා බදු පැනවීම ඇතුළු කරුණු කිහිපයක් ක්‍රියාවට නැංවීමේදී ගැටළු මතුවන බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ වාණිජ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු පැවසුවේ. 

සමාජ ආරක්ෂණ කටයුතුවලට හානියක් නොවන පරිදි තීරණවලට එළඹීම රජය සතු වගකීමක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවද සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළා. එහිදී මහ බැංකුව පැවසුවේ අදාළ වාර්තාවේ සඳහන් කර ඇති ඇතැම් ප්‍රතිපත්තිමය කරුණු මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් දැනටමත් ක්‍රියාවට නංවා ඇති බවයි.