Saturday, May 18, 2024

General line - 0115112241

IMF වාර්තාව ගැන රනිල් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි




ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩල වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වහාම විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

එම වාර්තාව සම්බන්ධයෙන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මූල්‍ය ආධාර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ කර ගැනීමට රජය තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තුව තුල එම වාර්තාව පිළිබඳව සාකච්ඡා කළ යුතු බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා පවසනවා. 
 

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.