Saturday, May 18, 2024

General line - 0115112241

දින ගණනාවක් පුරා අපතේ යන ජලය




කෑගල්ල, මීපිටිය, පොල් වගාකිරීමේ මණ්ඩලය ඉදිරිපිට ප්‍රධාන නලයේ කාන්දුවක් හේතුවෙන් දින ගණනාවක සිට ජල කාන්දුවක් සිදුවනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කෑගල්ල කාර්යාලයට ඒ පිළිබද අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නද මෙතෙක් ඊට විසදුම් ලබාදී නොමැති බවයි ප්‍රදේශවාසියෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ. 

ජලයද නොමැතිවීම හේතුවෙන් මේ වනවිට ප්‍රදේශ රැසකට විදුලි කප්පාදුවද සිදුවනවා. එවන් පසුබිමක් තුළ මෙලෙස දීර්ඝ කාලයක සිට සිදුවන ජල කාන්දුවට විසදුම් ලබාදීමට බලධාරීන් කඩිනම් අවධානය යොමු කළයුතු බව  නෙත් නිවුස් පෙන්වා දෙනවා.