Saturday, May 18, 2024

General line - 0115112241

දුම්රිය ගාස්තු සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට




දුම්රිය ගාස්තු සංශෝධනය කැබිනට් මණ්ඩලයට අද දිනයේදී ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලයේ එකගතාව ලබාගැනීම එහි අරමුණ බවයි. 

දුම්රිය ගාස්තු සංශෝධනය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ අමාත්‍යවරයා වෙත ලබාදීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇති.        

ඒ අනුව දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලයේ එකගතාව හිමිවීමෙන් පසු අද හෝ හෙට දිනයේ අදාළ පත්‍රිකාව මාධ්‍ය වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා.

මෙලෙස දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත්තේ ඉකුත්දා සිදුකෙරුනු ඉන්ධන ගාස්තු සංශෝධනයයි. නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් ඉකුත්දා ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ ඉන්ධන ගාස්තු සංශෝධනය සැලකිල්ලට ගෙන ඉන් සිදුවන අලාභය පියවා ගැනීම සඳහා පමණක් මෙලෙස සුළු අගයකින් දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට තීරණය කළ බවයි.