Saturday, May 18, 2024

General line - 0115112241

කල් ඉකුත්වූ ආහාර සොයා දිගටම පරීක්ෂණ - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්




එළඹෙන උත්සව සමයට සමගාමීව දිවයින පුරා පිහිටි ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් පරීක්ෂාවට ලක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

ඉකුත් දිනවලදී සිදුකළ පරීක්ෂා කිරීම්වලින් ආහාර පනත උල්ලංඝණය කළ වෙළෙඳුන් 407 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ.

මෙම දිනවල ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අදහස් පළ කළා.