Saturday, May 18, 2024

General line - 0115112241

ඩොලර් අර්බුදයෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණයත් නවතී




රට තුල පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ රියදුරු බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය කාඩ්පත් සඳහා ඇනවුම් ලබාදුන්න ද ටෙන්ඩර් ලබාගත් පාර්ශව එම මිල ගණන් යටතේ සැපයුම් ලබානොදීමේ ගැටළුවක් පවතින බවයි.