Saturday, May 18, 2024

General line - 0115112241

ඉන්දීය විදේශ ඇමති දිවයිනට

ටී කේ ජී කපිල




ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සදහා ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය එස්. ජයශංකර් දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් තිදෙනකු ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඒ, ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින්. ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය එස්. ජයශංකර් ඇතුළු දූත පිරිස පිළිගැනීම සදහා අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

බිම්ස්ටෙක් සමුළුව අද සිට දින තුනක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙනවා.

මේ අතර දෙදින නිළ සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය එස්. ජයශංකර් අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් හමුවීමට නියමිතව තිබෙනවා.