Saturday, May 18, 2024

General line - 0115112241

අදත් පැය 05ක විදුලි කප්පාදුවක්




අද දිනයේ ද පැය 05ක විදුලි කප්පාදුවක් සිදු කිරිමට අවසර ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව A සිට L දක්වා වූ කලාප සදහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා  වූ කාලය තුළ පැය 03යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. 

එම කලාප සදහා පස්වරු හයේ සිට පස්වරු 11 දක්වා කාලය තුළ පැයයි විනාඩි 40ක කාලයක් අද දිනයේ විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ. 

මේ අතර P සට W දක්වා වූ කලාප සදහා පළමුව පැය 02යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා. ඒ, පෙරවරු 08යි 30සිට පස්වරු 05යි 30 දක්වා කාලය තුළයි. 

එම කලාප සදහා තවත් පැයයි විනාඩි 50ක කාලයක් පස්වරු 05යි 30 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සදහන් කළේ.