Saturday, May 18, 2024

General line - 0115112241

වසරේ පළමු මාස 03 ඇතුලත මෙරටට පැමිණි සංචාරකයින් ගැන අනාවරණයක්




මෙම වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 274,211 දෙනකු දිවයිනට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. ජනවාරි මාසයේ පමණක් මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 82,327ක්. 

පෙබරවාරි මාසයේ විදෙස් සංචාරකයින් 96,507 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. මාර්තු පළමු වනදා සිට ඊයේ දිනය දක්වා පමණක් විදෙස් සංචාරකයින් 95,377 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක අමාත්‍යාංශය සදහන් කළේ. 

ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිටයි. එම සංඛ්‍යාව 20,965ක්. තවත් සංචාරකයින් 10,553 දෙනෙකු එම කාලය තුළ දිවයිනට පැමිණ ඇත්තේ බි්‍රතාන්‍යයේ සිටයි. ජර්මනියෙන් 8,590 දෙනෙකු සහ රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවලින් 8,537 දෙනෙකු මාර්තු පළමු වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ මෙරටට පැමිණ තිබෙනවා. 

ප්‍රංශයෙන් සංචාරකයින් 5,040 දෙනෙකු මෙන්ම පෝලන්තයෙන් සංචාරතකයින් 3,068 දෙනෙකු ද එම කාලය තුළ දිවයිනට පැමිණි සංචරකයින පිරිසට අයත්. 

මෙම මාසයේ මේ දක්වා කාලය තුළ වැඩිම විදෙස් සංචාරකයින් පිරිස වන 4,520 දෙනෙකු ඉකුත් 26 වනදා දිවයිනට පැමිණි බවයි සංචාරක අමාත්‍යාංශය වැඩිචුරටත් සදහන් කළේ.